Wednesday, March 21, 2012

ඔබ ඔබම වන්නට...................!

දිය බිදක් නම් ඔබ
රැෙදන්න ෙනළුම් පතක් මත
දිය කදක් පසු පස ෙනායා

සුළං රැල්ලක් නම් ඔබ
හමන්න වන තුරු හිස මතින්
ෙනා වෙහසී ගිරි කුළු ෙසාලවන්ට

සුවද කැටියක් නමි ඔබ
විහෙෙදන්න දුගද දුගුද අගු පිෙල්
මල් ෙගාමු සරා කල් ෙනමරා

ගිණි පුපුරක් නම් ඔබ
මතුවන්න අමාවක රෑ
දිවයුරැ අසුරට මත් ෙනාව්

Wednesday, April 28, 2010

වඩාත් නිරෝගී දෘෂ්ටියක්‌ සඳහා

1. අවශ්‍ය සැම විට ම දෑස්‌ ආවරණ පළඳින්න.

පිහිනීමේ දී, වඩු වැඩ, තාක්‍ෂණික හා කාර්මික කටයුතුවලදී සැම විට ම දෑස්‌ ආරක්‍ෂකයක්‌ පළඳින්න. පිහිනීමේ දී ඔබේ දෑසට මැනැවින් සවි වන ආවරණ පැළඳීමෙන් දෑස්‌ ක්‌ලෝරීන්වලින් වන හානි ද, කාර්මික කටයුතුවල දී ආරක්‍ෂක උපැස්‌ පැළඳීමෙන් විසි විය හැකි සුන්බුන් කොටස්‌ නිසා ඇසේ ස්‌වච්ඡ මණ්‌ඩලය (සුදු ඉංගිරියාව) සීරීම වැනි හානි ද සම්පූර්ණයෙන් වළක්‌වා ගත හැකි වේ.

2. වාහනයක වායු සමන කවුළු එක එල්ලේ ඇසට යොමු නො කරන්න. අදාළ වා කවුළු ඇසට යොමු ව නො ව පාදයට එල්ල වන ලෙස සකසා තබන්න. වායු සමනයට ලක්‌ වූ වියළි වාතය විසින් ස්‌පොන්ඡ් එකකින් මෙන් ඔබේ ඇස්‌වලින් තෙතමනය ඉවත් කෙරෙයි. මේ නිසා සැම විට ම වායු සමන යන්ත්‍රයේ වාතය මුහුණෙන් ඉවතට යොමු කරන්න. මන්ද ඇස්‌ බරපතල ලෙස වියළීම හේතුවෙන් ස්‌වච්ඡ මණ්‌ඩලයට හානි වී අන්ධ භාවයට වුව පත් විය හැකි බැවිනි

3. සතියකට දෙවරක්‌ මාළු ආහාරයට ගැනීම වැදගත්. මාළු, Onega-3 මේද අම්ල ඉතා ඉහළව පවතින ප්‍රභවයකි. එය ඇස වියළී යැම පාලනය කරයි. මාළු තෙල් පරිපූරක (Supplements) ද සුදුසු ය.

4. රතු ලූනු ආහාරයට එක්‌ කරගන්න. රතු ලූනුවල අඩංගු ක්‌වර්සටින් (Quercetin) නමැති රසායනිකය ඇසේ සුද ඇති වීමට එරෙහි ව ක්‍රියා කරන්නේ යෑයි විශ්වාස කෙරෙයි.

5. හිරු එළියෙන් වන හානිය අවම කිරීමට හිස්‌ වැසුම් පැළඳීම. තද හිරු එළිය පවතින විට අවු කණ්‌ණාඩි ද සමග තරමක්‌ ලොකු හිස්‌ වැස්‌මක්‌ භාවිත කරන්න. තොප්පිය වටා පුළුල්ව පිහිටන ගැටිය මගින් අධෝරක්‌ත කිරණ ඇසට ඇතුළු වීම 50%කින් පමණ වළකා ලයි.

6. නිවසින් පිට වන සැම විට ම අව් කණ්‌නාඩියක්‌ භාවිත කරන්න. ඇසට ඇතුළු වන සූර්යයා ගේ බලවත් දීප්තිය වළක්‌වා ලීමට අව් කණ්‌නාඩියට හැකි ය. එමෙන්ම සුළඟ නිසා ඔබ ගේ ඇස වියළීමෙන් වන හානි ද එමඟින් වළකා ලයි.

7. රාත්‍රී ආහාරයට බතල එක්‌ කරගන්න. විටමින් A වලින් අනූන බතල මගින් රාත්‍රි කාලයේ පෙනීම වැඩි දියුණු වේ.

8. දෑස්‌ ආලේපන නින්දට පෙර ඉවත් කරන්න. ආලේපන ඉවත් නො කළ හොත් ඒවායේ කුඩා කැබැලි ඇසට එක්‌ වීමෙන් ඔබේ කණිනිකාව සීරී හානි සිදු විය හැකි ය.

9. සතියකට දෙවරක්‌ නිවිති ආහාරයට ගන්න. ලුටෙයින් (Lutein) නමැති පෝෂකය බහුලව පවතින නිවිති නිතර නිතර ආහාරයට ගැනිමෙන් ඇසේ සුද රෝගය වැළැක්‌වීමේ මෙන්ම වයස්‌ගත වීමේ දී ඇති වන දෘෂ්ටි දුබලතා අවම කර ගැනීමේ හැකියාවක්‌ ඇත.

10. ලුණු ආහාරයට ගැනීම අවම කරන්න. ශාක ආහාර හා කුළුබඩු, ලුණු වෙනුවට භාවිත කිරීමට හුරු වන්න. අධ්‍යයන මගින් සොයාගෙන ඇති කරුණුවලට අනුව අධික ලෙස ලුණු ආහාරයට ගැනීමෙන් ඇසේ සුද හා ඇසට විවිධ රෝග ඇති වීමේ වැඩි අවදානමක්‌ තිබේ. ක්‍ෂණික ආහාර අධික ලෙස ලුණුවලින් යුක්‌ත නිසා එම ආහාරවලින් වැළකීමට අමතක නො කරන්න. ටින් කළ හෝ සකස්‌ කළ හෝ ආහාර ගැනීමේ දී ඔබට හැකි හැම විට ම "ලුණු නැත" (No salt) "ලුණු අවම" (Law salt) වැනි ලේඛල සහිත ඒවා තෝරාගන්න.

11. මුහුණ පිසදැමීමේ දී හැම විට ම නැවුම් තුවායක්‌ භාවිතයට ගන්න.

ඇස්‌ රෝග ඇති වීමට ප්‍රධාන සාධකයක්‌ ලෙස හවුලේ තුවා භාවිතය හැඳින්විය හැකි ය. මේ නිසා සැම විට ම ඔබට ම වෙන් වූ තුවායක්‌ භාවිත කිරීමට පුරුදු වන්න.

12. මසකට වරක්‌ රුධිර පීඩනය පරීක්‍ෂා කරගන්න.

ඔබේ නොදැනුවත්කම නිසා අධි රුධිර පීඩනට මගින් ඇසේ රුධිර වාහිනිවලට හානි සිදු විය හැකි ය.

13. සතියට හතර වතාවක්‌ හෝ ඇවිදිම ඔබේ දෑසට ගුණදායක වේ. වරකට විනාඩි 40 බැගින් සතියට 4 වතාවක්‌ කඩිසරව ඇවිදීම සිදු කළ ග්ලුකොමා රෝගීන් ගේ ඇස්‌ තුළ පීඩනය අඩු වී ඇති අතර ගත යුතු බෙහෙත් ප්‍රමාණය අඩු කිරීමට හැකි වී ඇත. මේ අනුව සනාථ වන පරිදි ක්‍රමානුකූලව ව්‍යායාම කිරීම මගින් දෑස්‌වල පීඩනය අඩු කරගත හැකි ය. තව ද බොහෝ අක්‍ෂි රෝග වර්ධනය අඩු කිරීමට කඩිසරව ඇවිදීම යෝග්‍ය බවට සාක්‍ෂි පවතියි.

14. ඔබ ගේ නිවසේ රස්‌නය අවම කරගන්න. ඔබ වැඩිපුර ගැවසෙන කාමරයේ පැළෑටි සමූහයක්‌ එක ළඟ තැබීමෙන් කාමරයේ උණුසුම අවම කරගත හැකි වේ. වියළි පරිසරයක සිටීමෙන් දෑස්‌ වියළීමට ලක්‌ වේ.

15. දෑසේ පිහිටීම සැම පැය භාගයකට වරක්‌ වෙනස්‌ කළ යුතු ය. ඔබ වැඩ කරන අතරතුර දී හෝ පොතක්‌ වැනි යමක්‌ කියවන විට දී ඒකාකාරීව ඒ දෙස ම නෙත් යොමා සිටීමෙන් වැඩි වෙහෙසක්‌ දැනේ. දෑසේ පිහිටීම වෙනස්‌ කිරීම මගින් නෙතට දැනෙන පීඩන වෙනස ඉවත් වේ. මෙය සිහිපත් වීම සඳහා පැය භාගයකට වරක්‌ නාද වන එලාමයක සහාය ලබාගන්න.

මීට අමතරව පිච්ච, පෙපර්මින්ට්‌ වැනි ඇතැම් විලවුන් ආඝ්‍රාණය කිරීමෙන් (චිකාගෝහි විලවුන් පිළිබඳ පර්යේෂක ඇලන් හර්ෂ් මහතා ගේ පරීක්‍ෂණයකට අනුව) පිච්ච සුවඳ මොළයේ බීටා තරංග වැඩි කරයි. මෙමගින් ඇසේ නාභිගත වීම වැඩි දියුණු වන අතර යමක්‌ දෙස බැලීමේ නිවැරැදිතාව ද වැඩි වේ. තව ද මේ සුවඳ දෙවර්ගය ම මඳ ආලෝකයේ දී පෙනීම දියුණු කර ගැනීමට උපකාරී වී ඇත.

(විදුසර ඇසුරිනි)

Tuesday, January 19, 2010

‍කෙසෙල්..................................

1.ඇඹුල් කෙසෙල්
2. කොලි කුට්‌ටු
3. ආනාමාලු
4. රත් ආනමාලු
5. සීනි කෙසෙල්
6. අළු කෙසෙල්
7. රන් කෙසෙල් (රතඹලා)
8. බිම් කෙහෙල්
9. ඇට මුරු
10. දිය මුනිදන්
11. මුරු මුන්දන්
12. අළු මුන්දන්
13. ගෝන ඇඹුල්
14. සුව දෙල්
15. වල් සුවඳැල්
16. කිරි සුවඳැල්
17. ඇටි කෙහෙල්
18. මර්ත මාළු
19. නේත්‍ර පාලම්
20. ඇම්බුන්
21. රට හොඹුර වලු
22. මුව තුනි කෙහෙල්
23. අංග වීර
24. පූවාළු (වත පාලු)
25. කිනල 26. පේර කෙහෙල්
27. කන්නන් නොරු
28. කළු පුවාලු
29 රබර් කෙහෙල්
30
31

Monday, January 18, 2010

Warren Buffet සැරයක් මෙන්න මෙහෙම කීවා....

මහන්සිවී වැඩ කරන්න: හැම මහන්සියක්ම ඔබට ආදයමක්ගෙන දේවි.... හුදු කතාව ඔබ දුප්පත්කම කරා රැගෙන යාවි...
කම්මැලිකම : නිදන මාලුවා ඈත දියබට ගසාගෙන යාවි....
ඉපයීම්: තනි ආදයම් මාර්ගයක් ගැන පමනක් විස්වාස කරන්න එපා...
වියදම්: ඔබට උවමනා නොවනදේ මිලදි ගත්තොත්... ඉක්මනින් උවමනා දේවල් විකිනීමට වේවි...
ඉතිරි කිරීම: වියදමට පසු ෂේෂය ඉතිරිකරනවා නොව....ඉතිරිකිරීමෙන් පසු ෂේෂය වියදම් කරන්න
ණයට ගැනීම: ණයට ගන්නා ණයට දෙන්නාගේ වහලෙක් වේවි....
ගනන් තැබීම: ඔබගේ පාවහන් ඉරිලානම් වැස්සට කුඩයක් ගෙන යාමෙන් වැඩක් නොවේ...
විගනනය: සුලු සුලු වියදම් ගැන ප්රවෙෂම් වන්න...විෂාල නැවක් ගිලෙන්නේ සුලු කාන්දුවකිනි...
අවදානම බාර ගැනීම: ගගට බැස එහි ගැබුර බලන්න එපා....
ආයොජනය: සියලුම බිත්තර එකම බන්දුනේ තබන්න එපා...

මල් මල් ගන්න අපෙනුත් මල්